dangerous side effects of soy meat



සෝයා මීට් වල භයානක අතුරු ප‍්‍රතිඵල

ගොඩක් සෝයා මීට් හදන කොම්පැනි මේ වගේ දේවල් පත්තර වල පලවෙන එක නවත්තන්න ලොකු උත්සාහයන් දරනවා. ඒක හින්ද මේ වගේ දේවල් එලි කරන්න ලේසි නැහැ.

මොනවද මේ සෝයා (අපි කියන්නේ සෝයා මීට්)?
සෝයා (soy) කියන්නේ කරලකින්(bean) හටගන්නා ඇට වර්ගයක්. ලෝකයේ ගොඩක් රටවල සෝයා වගාව සිදුකරනවා. ලංකාව ඇතුළුව. සෝයා කියන්නේ ප්‍රෝටීන බහුලව ඇති ආහාරයක් නමුත් එහි ඇති ප්‍රෝටීන මිනිස් සිරුරට උරාගැනීම ඉතා සෙමින් සිදුවේ. සෝයා මීට් යනු සෝයා ඇට අඹරා තවත් පිටි වර්ග කලවම් කර සාදන ආහාරයකි.

ඇයි සෝයා ආහාරයට නුසුදුසු?
මේක තමයි ගොඩක් සෝයා නිෂ්පාදකයින් සෝයා පිලිබදව වසන් කරන භයානකම කරුණ. සෝයා වල අඩංගු වෙනවා Isoflavone කියල Phytoestrogen එකක්.
                                     
                           


මෙය ගැහැණු අයගේ බහුලව තියෙන estrogen හෝමෝනයට ඉතා සමාන chemical එකක්. මෙම isoflavones පිරිමින් ආහාරයට ගතහොත් පිරිමින්ගේ ශරීරයේ ඇති testosterone මට්ටම පහත වැටේ. එමගින් පිරිම්න් වදභාවයට පත්වීමේ සිට පියයුරු වර්ධනය වීම දක්වා ඉතා භයානය තත්වයන් උදාවිය හැක. තවද ගැහැණු අයට වැඩිපුර සෝයා වල අඩංගු isoflavone ශරීරගත වුවහොත් කොණ්ඩය වැටීම, අධික කුරුලෑ හටගැනීම සහ දරු ගැබ් විනාශ වීම වුවද සිදුවිය හැක. විශේෂයෙන්ම bodybuilding කරන අයට සෝයා වල අඩංගු isoflavone ශරීරගත වීමෙන් muscle recovery  වීමට යන කාලය ඉහල යාම සහ මාංශපේශී දුර්වල වීම සිදුවේ. එම නිසා සෝයා ආහාර සහ සෝයා අඩංගු supplement ගැනීමෙන් වැළකිය යුතුය.



Isoflavones අඩංගු ආහාර (isoflavones in mg per 100g)

1. සෝයා මීට් [texturized soy protein(TSP) or texturized vegetable protein (TVP)]- ( Total isoflavones 148mg to 178mg)

2. Soy protein isolate (Total isoflavones 97.43mg)
3.සෝයා කිරි (Total isoflavones 9.65mg)
4.සෝයා අයිස්ක‍්‍රීම් (Total isoflavones 7mg)
5.සෝයා තෙල් (Total isoflavones 7mg)
6.රට කජු (Total isoflavones 0.26mg)
7.කඩල (Total isoflavones 0.1mg)


8'Green tea (Total isoflavones 0.05mg)
9. කව්පි (Total isoflavones 0.03mg)

රටකජු, කඩල, කව්පි සහ Green tea  වල ඉතා ස්වල්ප isoflavones ප‍්‍රමාණයක් අඩංගු නිසා එමගින් කිසිදු බලපෑමක් සිදු නොකරයි. තවද සමහර කිරිපිටි වර්ග වලටද සෝයා පිටි මිශ‍්‍රකර ඇත. විශේෂයෙන්ම non milk (malt) කිරි පිටි වලට සෝයා පිටි මිශ‍්‍රකර ඇත. එම නිසා කිරිපිටි ගැනීමේදී කිරිපිටි පෙට්ටියේ ඇති ingredients යන කොටසේ soya powder යන්න තිබේද යන්න හොදින් පරීක්ෂා කර මිලදී ගන්න.




ශුක‍්‍රානු සංක්‍යාව සහ සෝයා ආහාරයට ගැනීම අතර සම්බන්ධය පිලිබදව 2008දි European Society of Human Reproduction and Embryology  විසින් කරන ලද පර්යේෂනයක ප‍්‍රතිඵල ඉහත දැක්වේ. (Published by Oxford University Press on behalf of the European Society of Human Reproduction and Embryology)

ලංකාවේ අපිට සෝයා මීට් අවශ්‍යමද?
සෝයා මීට් සහ සෝයා ආහාර ලංකාවට කිසිසේත් අවශ්‍ය නැත. තුන් වේලටම බත් කන, කොස් දෙල් යහමින් කන මාළු, මස්, බිත්තර අඩුවක් නැති රටක් විදිහට සෝයා ආහාරයට ගැනීමට තරම් අප පහත් තත්වයකට වැටිය යුතු නොවේ. ඉතියෝපියාව වැනි ජනයා සාගින්නෙන් පෙලෙන රට වලට සෝයා ආහාර වලින් ලැබෙන ප‍්‍රතිලාභද අමතක නොකළ යුතු වේ. නමුත් ලංකාව වැනි රටකට කිසිසේත් වලංගු නැත.
3

Source -adadawasa.com/

Share this

Related Posts

Previous
Next Post »