Dialog launches 4.5G Network in Sri Lanka

දකුණු ආසියාවේ 4.5G තාක්ෂණයේ ප‍්‍රථම අත්දැකීම ශ‍්‍රි ලංකාවටx





තත්පරයට 1Gb සුපිරි ඩවුන්ලෝඞ් වේගයක් සහිත 4.5G තාක්ෂණය අත්හදා බලමින් ශ‍්‍රී ලංකාවල

දකුණු ආසියා කලාපයේ බ්‍රෝඞ්බෑන්ඞ් තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තවත් නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වුණාx මෙම අති නවීන තාක්ෂණික පහසුකම ප‍්‍රදර්ශනය කරන ලද්දේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී 4G ජාල සේවා සැපයුම්කරු වන Dialog Axiata සමාගමේ Huawei තාක්ෂණය සහිත LTE යටිතල පහසුකම් හරහාය LTE Radio (Air) interface සමගින් රැුහැන් රහිතව තත්පරයට 1Gb වේගයක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාවට නැංවීම සඳහා ඩයලොග් සමාගම සතු හැකියාව මෙම අත්හදා බැලීම තුළින් මනාව පැහැදිලි වන අතර මෙම තාක්ෂණය හඳුන්වාදීමත් සමගින් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ සෙසු රටවල් අතර ප‍්‍රමුඛස්ථානයට පත්වේx

4.5G තාක්ෂණ හැකියාවන් පරීක්ෂා කිරීමත් සමගින් ශ‍්‍රී ලංකාව ලොව 4.5G හැකියා පෙන්නුම් කරන ලද රටවල් 20 අතරට ඇතුළත් වේ.




                                 
ඩයලොග් Axiata සමාගම මින් පෙර 2014 වසරේදී දකුණු ආසියා කලාපය සඳහා 4G සේවා හඳුන්වාදීමේ පුරෝගාමියා බවට පත් විය. එතැන් පටන් සමාගමේ 4G LTE ජාලය හරහා තත්පරයට 100MB දක්වා වූ Burst වේගයක් ලබාදුන් අතර ශ‍්‍රී ලාංකිකයින් අතරින් 50%    අධික පිරිසකට 4G හරහා සුපිරි අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් ආවරණයක් ද පිරිනමන ලදීx ජනගහණයෙන් 80‍  අධික පමණ පිරිසකට ආවරණය සපයන සමාගමේ 3G-HSDPA ජාලය අනුව යමින් නුදුරු අනාගතයේදී ශ‍්‍රී ලංකාවේ ජනාකීර්ණ සියලූ ප‍්‍රදේශ සඳහා සුපිරි අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් ආවරණය ලබා දීම Dialog 4G LTE සේවාව මගින් අපේක්ෂා කෙරේx

Share this

Related Posts

Previous
Next Post »