Health Betel Leaves Treatment For Diabetes



දියවැඩියාවට බුලත් කොළ ප‍්‍රතිකාර


නූතන වෛද්‍ය විද්‍යාවට අනුව දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේද නව සොයාගැනීම් අනුව නොයෙකුත් රෝගකාරකයන් සඳහා නව ක‍්‍රමවේදයන් හා ඖෂධ වර්ග සොයාගැනීම් පිළිබඳව වරින්වර ලෝකය දෙසින් මාධ්‍ය ඔස්‌සේ අපට අසන්න දකින්න ලැබේ.

එහෙත් මෙම නව සොයා ගැනීම් වලටත් වඩා ප‍්‍රබල ගුණාත්මක කමින් ප‍්‍රබල ඖෂධ වර්ග හා වෛද්‍ය ක‍්‍රමවේදයන් පාරම්පරික වෙදකම තුළ අන්තර්ගතය වී තිබෙන බව අප අමතක නොකළ යුතුය.

එවැනි ඖෂධ වර්ග හා වෛද්‍ය ක‍්‍රමවේදයන් උපයෝගී කරගනිමින් මෙතෙක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේ පවා ඖෂධයක්‌ සොයාගැනීමට නොහැකි වූ පිළිකා රෝගය පවා සුවපත් කළ හැකි ඖෂධ හා වෛද්‍ය ක‍්‍රමයන් පාරම්පරික වෙදකම සතුව ඇති බව අප දන්නා කරුණකි.

                                   

එවැනි පාරම්පරික වෙද පරපුරක අන්තිම පුරුක ලෙස සැලකෙන වෙද මහතකු හමුවීමට අප පසුගියදා මාලබේ සුසිලාරාම පාරේ 3 වැනි පටුමගේ ඔහුගේ වෙද නිවසට යන විටත් අංශභාග රෝගය සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි රෝගියකුට ප‍්‍රතිකාර කරමින් සිටියේය.

සිංහල රාජවංශයේ ජීවකයකු ලෙස ප‍්‍රකට වූ බුද්ධදාස රජතුමාගේ කාලයේ පටන් පැවත එන ඌව වෙල්ලස්‌ස මැදගම්පත්තු වෙද පරපුරේ සිට පැවත එන වෙද පරම්පරාවක අන්තිම පුරුක ලෙස සැලකෙන ගුණසේකර බණ්‌ඩාර නමැති පාරම්පරික වෙද මහතා අපට එසේ හමුවිය.

එවකට 1936 වසරේ වෙල්ලස්‌සෙ මැදගම් පත්තුවේ පුබ්බාර වසමේ වෙල්විදානේ ලෙස කටයුතු කරමින් ප‍්‍රකට පාරම්පරික වෛද්‍යවරයකු ලෙස දේශීය වෛද්‍ය විද්‍යාවට මහගු සේවයක්‌ කළ කිරිවත්තේ වෙල්විදානේ වෙද මහතා ගුණසේකර බණ්‌ඩාර වෙද මහතාගේ සීයා විය.



එම පරපුරේ අන්තිම ජීවකයා වන ගුණසේකර බණ්‌ඩාර වෙද මහතා පාරම්පරික සර්වාංග වෛද්‍යවරයකු ලෙස තම වෛද්‍ය වෘත්තිය ප‍්‍රගුණ කර තිබේ. 1968 වසරේ පළමු වරට ඌව වෙල්ලස්‌සේ පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී සර්වාංග වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී තිබේ.

අංශභාග, දියවැඩියාව, ආතරයිටීස්‌ ඇතුළු ප‍්‍රබල රෝග කාරකයන් සඳහා පාරම්පරික පැවත එන පුස්‌කොළ පොත් අනුසාරයෙන් සකස්‌ කරගත් තෙල් බෙහෙත් කල්ක ආදිය යොදාගනිමින් ප‍්‍රතිකාර කරනු ලබන බව පවසන බණ්‌ඩාර වෙද මහතා දියුණුවන ලෝකය සමග බිහිවන ඇතැම් ආහාර රටාවන් තුළ පවත්නා රෝග කාරකයන් හැම විටම කෙනෙකු රෝගියකු බවට පත්කරන බවත් පවසා සිටී.

                                                         
මොනරාගල රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ සිට වෙදකම කෙරෙහි ගත සිත යොමුකළ බණ්‌ඩාර වෙද මහතා තම පාරම්පරික ගති පැවැතුම්වලට අනුව දේශීය වෛද්‍ය විද්‍යාවේ නව මංපෙත් සොයමින් අංශභාගය, දියවැඩියාව වැනි ප‍්‍රබල රෝග තත්ත්වයන් සඳහා නව ඖෂධ වර්ග සොයා ගැනීමට සමත් වී සිටී. පාරම්පරික දියවැඩියා රෝගය නිට්‌ටාවට සුව කළ නොහැකි වුවත් එම රෝගී තත්ත්වය එතෙක්‌ පවතින තත්ත්වය මත රදා පැවැත්වීමට හැකි වෛද්‍ය ක‍්‍රම පාරම්පරික වෙදකමේ පවතින බවත් පවසන වෙද මහතා ආහාර රටා හා වෙනත් ශාරීරික හේතු මත ඇති වන දියවැඩියා රෝගය නිට්‌ටාවටම සුව කිරීමට හැකි බව පවසයි.

මදුමේහය නොහොත් දියවැඩියාවට කෙනෙකු ගොදුරු වීමට මූලික හේතු කීපයක්‌ තියෙනවා. ඒ ඔවුන් ගන්නා ආහාර රටාවන් හා ඔවුන් තුළ පවත්නා මානසික ආතතියයි. ඊට අමතරව දෛනිකව ශරීරයට අවශ්‍ය දියර ප‍්‍රමාණයන් ලබා නොගැනීමද කෙනෙකු දියවැඩියා රෝගියකු බවට පත්වීමට බලපාන බවත් ගුණසේකර වෙද මහතා පවසා සිටී.



දියවැඩියා රෝගියකුට කරන නව ප‍්‍රතිකාරයක්‌ ලෙස ඒ සඳහා විශේෂිත වට්‌ටෝරුවක්‌ යටතේ නිපදවා ගත් තෙල් වර්ගයක්‌ දෙපයේ යටි පතුල්වල ගල්වා බුලත් කොළයකින් වසා රාත‍්‍රි නින්දට යැමට සැලැස්‌වීම මගින් ශරීරයේ ඉන්සියුලින් නිපදවීමට අවශ්‍ය ෙසෙල වර්ධනය කරවීමේ හැකියාව පවතින බවත් හෙතෙම පවසයි.

මෙවැනි ප‍්‍රතිකාර මගින් දියවැඩියා රෝගය යටතේ ඇතිවිය හැකි අතුරු ආබාධ වන ඇස්‌ පෙනීම දුර්වලවීම ලිංගික දුර්වලතා මෙන්ම අස්‌ථි දිරායැම අත්පාවල හිරිවැටීම පාලන කළ හැකිය. අතීත සමාජය තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව තම නිවසේ මුළුතැන්ගෙයි නොයෙකුත් ඖෂධ වර්ගයන් කුළු බඩු වශයෙන් පාවිච්චි කළා.

ඒ අතර ඉගුරු කොත්තමල්ලි කහ ගම්මිරිස්‌, සුදුලූනුු, සූදුරු, මහදුරු ප‍්‍රධාන තැනක්‌ ගත්තා. අදටත් අප මුළුතැන් ගෙවල්වල ඒවා තැන්පත්ව පැවතුණද ඇතැම් කුළුබඩු ලෙහෙසියෙන් වෙළඳපොළෙන් ලබාගත් ක්‍ෂණිකව නිපදවා ගත් නොයෙකුත් රසකාරකයන්ගෙන් හා ව්‍යාජ ද‍්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිපදවන ඒවා බවට රාජ්‍ය සෞඛ්‍ය අංශ මගින් සිදුකළ වැටලීම් හා සොයාගැනීම් වලින් පෙනී ගොස්‌ තිබෙනවා.

ඖෂධ ගුණයෙන් තොර මෙවැනි ආහාර රසකාරකයන් මගින් මෙතෙක්‌ ලොව හඳුනා නොගත් රෝග කාරකයන් මිනිස්‌ සිරුර ආක‍්‍රමණය කරමින් සිටින බවට ලොව නන්දෙසින් ඇසෙන පුවත් හා තොරතුරු මගින් සනාථ වෙමින් පවතින බවත් පවසන ගුණසේකර වෙද මහතා වෛද්‍ය විද්‍යාව මුදල් මත යැපෙන වෘත්තියක්‌ කොටගත් කිසිම වෛද්‍ය වෘත්තිකයකුට කිසිම දිනක තම වෘත්තියේ ගෞරවනීයත්වය හා එයින් ලබාගත හැකි පල ලබාගත නොහැකි බවත් පවසා සිටී.


සාකච්ඡුා කළේ - ඇන්ටන් ප‍්‍රනාන්දු
උපුටා ගැනීම - දිවයින පුවත්පත

Share this

Related Posts

Previous
Next Post »