ඔබට උවමනා පුතෙක්ද දුවෙක්ද?


ඔබට උවමනා පුතෙක්ද දුවෙක්ද? එය තීරණය කිරීම ඔබට භාරයි. එය සිදුකරන අකාරය පිළිබද විශේෂ ලිපිය අද  ඔබට.....

සමහර දෙමාපියන්ට තම පරම්පරාව ඉදිරියට ගෙන යාමට පුතෙකු අවශ්‍ය වේ. සමහරුන්ට කුඩා දු පැටික්කියකු ගේ සුරතල් බවින් මුළු නිවහනම එලියවනු දැකීමට පෙරුම් පුරයි. නමුත් සමහර දෙමාපියන් මෙය එතරම් සැලකිල්ලකට ලක් නොකලද සමහරක් ඒ පිලිබදව මහත් සේ උනන්දු වෙයි. නමුත් එය අපට තීරණය කල නොහැක. මෙය නේද ඔබ මෙතෙක් කාලයක් සිතු දෙය. නමුත් එයට කදිම පිළිතුරක් Dr Shettles මේ වන විට විද්‍යාත්මකව සොයාගෙන එය තහවුරු හමාරය. ඔහු පවසන ආකාරයට මෙය ඉතාම පහසුයි. මෙහි විශේෂත්වය වනුයේ මෙහිදී විශේෂයෙන් බෙහෙත් භාවිතා කල යුතු නැති අතර අඩු වියදම් ක‍්‍රමයකි. ඔහු පවසන දෙහි විද්‍යාත්මක පසුබිම දැන් අප විමසා බලමු.


ඔබ දන්නෙහිද ශුක‍්‍රානු ගත් කල එහි ආකාර දෙකක ජාන පවතී. පුරුෂ ලිංගිකත්වය තීරණය කිරීම y ජාන මගින්ද ද, ස්ත‍්‍රී බව නිර්ණය කිරීම x ජාන මගින්ද සිදු කෙරේ.Dr Shettles පවසන පරිදි පිරිමි ජාන සහිත DNA ප‍්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා දුර්වල සහ වේගවත් වේ. එම ලක්ෂණ පදනම් කරගෙන ඔහු යුවලකට අවශ්‍ය වන්නේ පිරිමි දරුවකු සාදා ගැනීමට නම් එයටත් ගැහැණු දරුවකු සදා ගන්නේ නම් එයටත් අනුගමනය කල යුතු ක‍්‍රමවේදයක් පෙන්වීය.


ඔබට අවශ්‍ය වන්නේ පිරිමි දරුවකු නම්,
ඔබට පිරිමි දරුවකු අවශ්‍ය නම් ඔබගේ සහකාරියගේ ඩිම්භ මෝචනයට දවස් 4-5 කට පමණ පෙර සිට ලිංගිකව එකතු වීමෙන් වැළකී සිටිය යුතුය. එයට හේතුව නම් එසේ සිටීමෙන් ඔබගේ පිරිමි සහකරුවාගේ එකතුවන ශුක‍්‍රානු ප‍්‍රමාණය වැඩි වීමයි. ඔහු පවසන පරිදි පිරිමි දරුවකු සාදා ගැනීමට අවශ්‍ය නම් යුගලක් ලිංගිකව එකතු විය යුත්තේ ඩිම්භ මෝචනයට ඉතා ආසන්න විට සහ ඩිම්භ මෝචනය සිදු වන දිනයේදී ය. එයට හේතුව නම් කාන්තාවකගේ වඩාත්ම සරු කාලය වන්නේ මෙම ඩිම්භ මෝචනය වන අවධියයි. ශුක‍්‍රානු වල පවතින Y ජාන X ජාන වලට වඩා වේගවත් බැවින් වැඩි නිසා ඩිම්භය සංසේචනය සදහා වැඩි අවස්තාවක් උදා වන්නේ Y ජාන සහිත DNA ය.

ඩිම්භ මෝචනයට ආසන්න කාලයේදී ඩිම්භය වටයට පවතින සුදු ආවාරනයේ ක්ෂාරීය භාවය වඩාත් සක‍්‍රීයව පිහිටයි. එය ශුක‍්‍රානු වලට ශක්තිමත්ව සිටීමට අවශ්‍ය වටපිටාව සපයයි. ඩිම්භ මෝචනයට ආසන්න කාලයේදී ලිංගිකව එකතු වීමෙන් ශුක‍්‍රානු වලට වඩාත් ක‍්‍රියාකාරී ලෙස හැසිරිය හැක (ක්ශාරීයතාවය නිසා*. එම නිසා මෙලෙස ක්ශාරීයතාවය උපරිම වූ විට තම පිරිමි සහකරු සමග ලිංගිකව එකතු වීමෙන් ඔබට අවශ්‍ය කරන පිරිමි දරු උපතකට අවශ්‍ය වට පිටාව සකසා ගත හැකිය. එලෙසම ලිංගික ක‍්‍රියාවලියකදී කාන්තාවන්ගේ ප‍්‍රජනක පද්ධතිය හැකිලීමකට භාජනය වේ. එමගින් Y ජාන සහිත DNA වලට පහසුවෙන් ඩිම්භය කරා ගමන් කල හැකිය.

එමෙන්ම ඔහු පවසන පරිදි ලිංගික ඉරියව්ව විය යුත්තේ වැඩි දුරක් ශුක‍්‍රානු විධිය හැකි Doggy Position වැනි අකාරයන්ය. එමගින් ඩිම්භයට ඉක්මනින්, ශුක‍්‍රානු සමග සංසේචනය විය හැකිය.

ඔබට අවශ්‍ය වන්නේ ගැහැණු දරුවකු නම්,
මේ සදහා ඔහු පවසන්නේ ලිංගිකව එකතු විය යුත්තේ ඩිම්භ මෝචනයට දින කීපයකට පමණ පෙරය. ඒ සදහා ඔහු හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ සාමාන්‍යයෙන් ශුක‍්‍රානු වලට ස්ත‍්‍රී ලිංගික පද්ධතිය තුල නොනැසී දින 6ක් පමන සිටිය හැක. එමෙන්ම Y ජාන X ජාන වලට සාපේක්ෂව දුර්වල නිසා X ජාන වලට ඩිම්භ මෝචනයට ආසන්න කාලය වන විට නොනැසී සංසේචනය සදහා එකතු විය හැකිය.

එමෙන්ම ඩිම්භ මෝචනය කාලය තුලදී කාන්තාවන් පිරිමින් සමග එකතු වීමෙන් වැළකී සිටිය යුතුය. මන්ද එසේ සිදු වුවහොත් නැවත Y ජාන වලට ඩිම්භය සමග එකතුවීමට ඇති හැකියාව වැඩි වන හෙයින්ය.

ඔබත් මෙය අත්හදා බලමින් තමන්ගේ ජීවිතය බලාපොරොත්තු වන දෙය ඉෂ්ට කර ගැනීමට උත්සහ කරන්න. මන්ද මෙය අත්හදා බැලීම තුලින් කිසිම ආකාරයේ බලපෑමක් ඔබට සිදුනොවන හෙයින්ය.

Share this

Related Posts

Previous
Next Post »