කාන්තාවන් සුරාන්තයේදී දියවිදීම ඇත්තක්ද?

කාන්තාවන් සුරාන්තයේදී දියවිදීම ඇත්තක්ද? සම්පුර්ණ විස්තරය සදහා ලිපිය කියවන්න.

ඔබ බොහෝ දෙනා ලිංගිකත්වය ගැන බොහෝ කරුණු දන්නා නමුත් ඒවා නිවැරදි දැයි සැම තුලම සැකයක් පවතී. ඔබ දන්නෙහිද කාන්තාවන් සුරාන්තයට පත්වන ක‍්‍රම කීපයක් පවතින බව.

1. පියයුරු උත්තේජනය
2. භගමනිය උත්තේජනය
3. යෝනී මාර්ගය උත්තේජනය


මෙහිදී යෝනී මාර්ගය උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගතහැකි වීමත්, විශේෂ සිදුවීමක් වන දියවිදීමේ සංසිද්ධියද ඇතිවිය හැකි බැවිනි. මෙය 1940 දී පමණ ග්රෆෙන්බග් නම් නාරි වෛද්‍ය විද්යාඥයකු විසින් සොයා ගන්න ලද ජී ස්ථානය හෙවත් පාරමෞත‍්‍ර ග‍්‍රන්තියේ ක‍්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් වියහැකි බවද බොහෝ දෙනා පවසති.


බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සන්ඛයාත්මක දත්ත මගින් පෙන්වා දෙයි. නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප‍්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක‍්‍රියාවේදීම දියවිදීම සිදුවේ. මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයිගේ ශුක‍්‍ර පිටවීමට හා අදාලවම සන්සිද්ධියකි. පුරුෂයගේද ශුක‍්‍ර පිටවීම මෞත‍්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුමද මෞත‍්‍ර මාර්ගයෙන් සිදුවේ. කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂණය කල විද්යාඥයන් එය පුරස්ථිති ග‍්‍රන්තියේ ද‍්‍රව්‍යන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසෙත්ම මුත‍්‍රා අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

මෙම දිය විදුම සිදුවීමට ඇති ප‍්‍රධානම බාධාව නම් කාන්තාවන්ගේ මානසික හා කායික තත්වයයි. තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් අතර තමා අතින් සිදුවන සියලූ දෙයහි සම්පුර්ණ වගකීම හා ආකල්ප වල අනොන්‍ය විශ්වාසය සහිත නම් මේ දියවිදුම සිදුකිරීම අපහසු සන්සිද්ධියක් නොවනු ඇත. තවත් වැදගත් කාරනාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත‍්‍රා පිට වන්නා සේ දැනීමයි. මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ලගාවීමට පවා බියක් දක්වයි. මෙම මානසික බාධාව ඉවත්කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමුකර ගතහැකි වනු ඇත.

එබැවින් කාන්තාවන් සුරන්තයෙදී දියවිදීම අසත්‍යක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධිය ලගාකර ගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය බවත් මතක් කල යුතුය.



Share this

Related Posts

Previous
Next Post »