You can't button the first button on your shirt


කමීසයේ පළමුවන බොත්තම දාන්න බැරිනම් ඔබේ ජීවිතය අනතුරේ.

බ‍්‍රසීලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයක ප‍්‍රතිපල පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඔවුන් පවසන පරිදි, කමීසයේ පළමු බොත්තම (ගෙල ආසන්නයේ ඇති බොත්තම* පැළඳිය නොහැකි පුද්ගලයින්ට බරපතල හර්දයාබාද අවදානමක් තිබෙනවා.

ීය්රු ගෙල ප‍්‍රදේශය විශාල පිරිමින්ට ලොකු හර්දයාබාද අවදානමක් ඇති බව තමයි ඉන් අදහස් කරන්නේ. එම විද්‍යාඥයින් විසින් පුද්ගලයින් 4,000ක් පමණ පරීක්ෂණයට ලක්කරනු ලැබූ අතර, පිරිමින්ගේ ගෙල ප‍්‍රදේශයේ සාමාන්‍ය ප‍්‍රමාණය අගල් 15ක් (සෙන්ටිමීටර් 38* පමණ වන බව සොයාගෙන තිබෙනවා.


සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා ගෙල ප‍්‍රදේශය අගල් 1කින් වැඩි වන විට දියවැඩියාව වැළඳීමට තිබෙන අවදානම සියයට 32 කින්, අධි රුධිර පීඩන අවදානම සියයට 24 කින්, කොලෙස්ටරෝල් අවදානම සියයට 22 කින් සහ එරසටකහජැරසාැි මට්ටම ඉහළයාමට ඇති අවදානම සියයට 50කින් වැඩිවෙන බව හොඳින් මතක තබාගන්න.


එපමණක් නොවෙයි, ගෙල ප‍්‍රදේශයේ ඇති මේද තැන්පතු හේතුවෙන් රුධිර වාහිනී වල ඉදිමුම සහිත දැවිල්ල තත්වයක් ඇතිවෙන්නට පුළුවන්. ඔබේ ගෙල ප‍්‍රදේශය අගල් 16ට වඩා විශාල නම්, රුධිර පීඩනය, සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කරගන්නට අමතක කරන්න එපා . මොකද ඉහත කී සෞඛ්‍යය තත්වයන් හේතුවෙන් හදවත් රෝගයක් ඇතිවීමට තිබෙන අවදානම් තත්වයද ඉහල යනවා.

Share this

Related Posts

Previous
Next Post »