The Biggest Cancer Causing Food In The World

පිළිකා ඇතිකරන කෑම වර්ග වලින් භයානකම කෑම වර්ගය.. මෙය ආහාරයට ගැනීමෙන් වලකින්න


ඔබ දිනපතා ඇපල් ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබට වෛද්‍ය වරයෙකු මුණගැසීමට අවශ්‍ය වන්නේ නෑ. නමුත් දිනකට හොට් ඩෝග් එකක් ආහාරයට ගත්තොත් තත්වය බරපතලයි. ලොවපුරා මිනිසුන් බිලියන හතකට අධික පිරිසක් පරිභෝජනය කරන මෙම හොට් ඩෝග් ඉතාමත් අහිතකර පිළිකා කාරක ආහාරයක් වේ. මෙම ආහාරය පරිභෝජනය කිරීම සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපායි.

ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් සිදුකල පර්යේක්ෂණයක වාර්තාවකට අනුව සැකසූ මස් පරිභෝජනය කිරීම පිළිකා ඇතිවීම කෙරෙහි බලපාන බව ඔප්පු වී ඇත. ඔබ මෙම ආහාරය ගැන සහ මෙහි නිෂ්පාදන ක‍්‍රියා පිළිවෙල ගැන මදක් සොයා බැලූවානම් මේ මුළු ලොවම පරිභෝජනය කරන ආහාරයේ සැගවුණු රහස් දැනගැනීමෙන් පුදුමයට පත් නොවේවි.


හොට් ඩෝග්හී ඌරු මස්, හරක් මස් සහ කුකුල් මස් වලින් සෑදුනු මිශ‍්‍රණයක් අන්තර්ගත වේ. ඔවුන්ගේ නිෂ්පාදනයේදී ඔවුන් සත්ව පාද, මේද පටක සහ හම් වැනි මස් වලින් කපා ඉවත් කරගත් කොටස් එක්කරයි. ඉන් පසුව එම කොටස් එක්කර ඉතා ඝනව මිශ‍්‍රණයක් සකසා එහි රසය වැඩි කරවීමට විශාල ප‍්‍රමාණයකින් ලූණු, ග්ලූටමෙට්, නයිට්රේට සහ වෙනත් රසායනික ද‍්‍රව්‍ය එක්කරනු ලබයි. මේවායේ ලූණු සහ මේදය වැඩි වශයෙන් අන්තර්ගත වන අතර පිළිකාව වර්ධනය කිරිමට අවශ්‍ය සෝඩියම් නයිටෙට සහ නයිට‍්‍රයිට් වැනි කල්තබා ගැනීමේ ද‍්‍රව්‍ය අඩංගු වේ. හොට් ඩෝග් පරිභෝජනය කිරීම දුම්පානය කරනවා මෙන්ම භයානක වේ. මෙහි අන්තර්ගත වන නයිට්‍රෝසොමින් නමැති රසායන ද‍්‍රව්‍ය මගින් විශේෂයෙන් මුත‍්‍රාශයේ, අග්න්‍යාශයේ, බඩවැලේ හා බඬේ පිළිකා ඇතිවීම කෙරෙහි බලපායි.

පිළිකා පර්යේෂණ සඳහා වූ ඇමරිකානු ආයතනක් විසින් සොයාගෙන ඇත්තේ හොට් ඩෝග් ආහාරයට ගැනීමෙන් දිනකට මිනිසුන් 21% ප‍්‍රතිශතයකට පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

මෙම වීඩියෝව මගින් ඔබට හොට් ඩෝග් සකසන ආකාරය දැකගැනීමට හැකිවේවි.

මෙම වටිනා උපදෙස ඔබගේ මිතුරන්ටත් දැනගැනීම සඳහා ශෙයා කිරීමට කාරුණික වන්න


Share this

Related Posts

Previous
Next Post »